Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » ත්‍රීවිල් වලට 50,000ක බද්දක් - ඛනිජ ඉන්ධන වාහන වලට "කාබන් බද්දක්" - විදුලි මෝටර් රථ වලට 90% ලීසිං සමඟ රථවාහන වලට අයවැයෙන් වෙන බලපෑම මෙන්න

 

2018 වසරේ සිට ඛනිජ ඉන්ධන වලින් ධාවනය වනවාහන සඳහා කාබන් බද්දක් පැනවීමට අයවැයෙන් යෝජනා කර තිබේ.

යතුරු පැදි සඳහා දිනකට ශත 17, මෝටර් රථ සඳහා දිනකට රු 1.77 සහ බස් රථ සඳහා 2.74 ලෙස මෙම බද්ද පැනවීමට මුදල් අමාත්‍යවරයා යෝජනා කලා.

එසේම ඩීසල් ත්‍රීරෝද රථ සඳහා රුපියල් 50,000ක නව බද්දක් හදුන්වා දෙන අතර දැනට ධාවයනේ ඇති ඛනිජ ඉන්ධන භාවිතා කරන ත්‍රීරෝද රථ බංග්ලාදේශය වැනි රටකට විකුණා විදුලියෙන් ධාවනය වන ත්‍රී රෝද රථ ගෙන්වීමට දිරිගැන්වීමට රජය තීරණය කර ඇත.

විදුලියෙන් ධාවනය වන මෝටර් රථ සදහා රුපියල් මිලියනයක බදු සහනයක් හිමිවන අතර 90%ක් දක්වා ලීසිං පහසුකම් ලබා ගැනීමටද හැකියාව පවති.

2040 වන විට ඛනිජ ඉන්ධන භාවිතයෙන් ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම රජයේ අරමුණ වන අතර 2025 වනවිට රජයේ භාවිතයට ගන්නා සියලු වාහන විදුලියෙන් හෝ දෙමුහුන් තාක්ෂණයෙන් ධාවනය විය යුතුය.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply