Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » කැළණි පන්සලේ ලොකු හාමුදුරුවොයි, තව කට්ටියකුයි 21 රෑ ජනපති හමුවීමෙන් පසු ගෝඨා ඇල්ලීම නවතී..!



රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ, මූල්‍ය අපරාධ පොලිස් කොට්ඨාසය විසින් පසුගිය 22 වැනි බදාදා අත් අඩංගුවට ගැනීමට නියමිතව සිටියත්, භික්ෂූන් වහන්සේලා පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවීමෙන් පසු එම අත් අඩංගුවට ගැනීම දින නියමයකින් තොරව කල් දමා ඇතැයි වාර්තා වේ.

වීරකැටිය ඩීඒ රාජපක්ෂ අනුස්මරන කෞතුකාගාරය ඉදිකිරීම සඳහා රාජ්‍ය මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් තිස්සේ විමර්ශණ පවත්වන  මූල්‍ය අපරාධ පොලිස් කොඨටාසය විසින්  පසුගිය 22වනදා ගෝඨාභය රාජපක්ෂ මහතා අත් අඩංගුවට ගැනීමට නියමිතව තිබුණි.  එහෙත් ඊට පෙර 21 වැනි අඟහරුවාදා රාත්‍රියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවීමට පැජට් පාරේ ඔහුගේ නිවසට ගිය හිමිවරුන් පිරිසක් ගෝඨාභය රාජපක්ෂ මහතා අත් අඩංගුවට නොගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.

ජනාධිපතිවරයා හමුවූ මේ හිමිවරුන් කණ්ඩායමට කෝට්ටේ කල්‍යාණ සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක ඉත්තෑපානේ ධම්මාලංකාර හිමි, කැළණිය මහා විහාරාධිපති කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමි සහ මැදගොඩ අභයතිස්ස හිමි ඇතුලු හිමිවරුන් පිරිසක් ඇතුලත් වුණු බව  වාර්තා වෙයි. රාජපක්ෂ මහතා අත් අඩංගුවට නොගන්නා ලෙස හිමිවරුන් කල ඉල්ලීමට සාකච්ජාවේදී මෛත්‍රීපාල සිරිසේන මහතා සුභවාදී ප්‍රතිචාරයක් දැක්වූ බවද වාර්තා වේ.

සති අන්ත රාවය පුවත්පත - 2017.11.26

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply