Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » 2018 අයවැයෙන් වාහන මිල වෙනස්වන ආකාරය හරියටම මෙන්න…!

මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා විසින් අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 2018 වසර සදහා වූ සම්පුර්ණ අයවැය වාර්තාව මෙසේය.

මීට අදාල විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ සැප්තැම්බර් මස 09 වැනි දිනයි.

2018 අයවැය යෝජනාවලිය මගින් රථවාහන මිල ගණන් වෙනස්වන ආකාරය දක්වා තිබූ ආකාරය පහතින් දැක්වෙයි.


2018 අයවැය යෝජනා මෙන්න..!


ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ 72වැනි අයවැය අද(9) පස්වරු 3ට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ආරම්භ කළේය. අද පස්වරු 3.00ට පමණ අයවැය කතාව සිදුකිරීමට ආරම්භ කල අතර ලබන වසර සඳහා වන අයවැය විසර්ජන පනත් කෙටුම්පත පසුගිය ඔක්තෝබර් 09 වන දින මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබිණි. ඒ අනුව 2018 වර්ෂය සඳහා අපේක්ෂිත රාජ්‍ය වියදම රුපියල් බිලියන 3982ක් වන අතර එම වසරේ සියලු ප්‍රදානයන් සහිතව රාජ්‍ය ආදායම රුපියල් බිලියන 2175ක් වේ. යහපාලන රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන තෙවන අයවැය මෙය වන අතර මංගල සමරවීර අමාත්‍ය වරයා ඉදිරිපත් කරන පළමු අයවැය මෙය වේ.

අයවැය කථාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට සිට ලබන 16 වන දින දක්වා අයවැය දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතය. දෙවන වර කියවීමේ ඡන්ද විමසීම 16 වන දින පස්වරුවේ සිදු කිරීමට නියමිතය. අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාව ලබන 17 වන දින සිට දෙසැම්බර් 09 වන දින දක්වා පැවැත්වීමට සැළසුම් කර ඇති අතර 09 වන දින පස්වරුවේ ඡන්ද විමසීම සිදුකරනු ඇත. මෙවර අයවැය මඟින් පොදු ජනතාවට මෙන්ම සමස්ථ අංශ වෙනුවෙන් සහන රැසක් ලබාදීමට බලාපොරොත්තු වන බව මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කළේය.

2018 අයවැය යෝජනා.

විදේශීය විනිමය ඉහළ නැංවීමට පියවර ගනිමින් සිටිනවා ශ්‍රී ලංකාවට ආර්ථික සංවර්ධනය ළඟා කර ගැනීමට රටෙන් වියැකී ගිය විභවතාවන් නැවත ලබා ගත යුතුයි.  එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැනි වැඩසටහන් තුළින් යළි ශ්‍රී ලංකාව ප්‍රබෝධමත් කරනවා. උද්ධමනය 6%ක ප්‍රමාණයක රඳවා ගැනීමට කට

යුතු කරනවා. කුඹුරු පනත හා කෘෂිකාර්මික පනත සංශෝදනය කළ යුතුයි. නිවාස හා කුලී පනත සංශෝධනය කළ යුතුයි. 1972 අංක 04 දරණ කෘෂිකාර්මික පනත සංශෝධනය කළ යුතුයි. සාප්පු හා කාර්යාල පනත සංශෝධනය කළ යුතුයි.

රටේ තියෙන සියලුම වාහන 2040 වර්ෂය වන විට ඛනිජ තෙල් නොවන වෙනත් බල ශක්තීන් මගින් ධාවනය කෙරෙන වාහන බවට පත් කිරීම.මෙරට සියලු වාහන 2040 වන විට ඛණිජ තෙල් නොවන බලශක්තියකින් ධාවනය කළ හැකි පරිදි ක්‍රියා කරනවා.2025 වන විට රජයේ සියලුම වාහන දෙමුහුම් හෝ විදුලියෙන් ධාවනය කෙරෙන වාහන බවට පත් කිරීම.

එන්ජින් ධාරිතාව මත පදනම් වූ බදු සූත්‍රයක් හඳුන්වා දෙනවා.ඩීසල් මගින් ධාවනය කෙරෙන ත්‍රිරෝද රථවල ආනයනික බදු රු. 50000කින් වැඩි කිරීම.විදුලියෙන් ධාවනය කෙරෙන රථ වාහනවල බදු රු. ලක්ෂ 10කින් අඩු කෙරේ .වාහන ආනයනේදී ආරක්ෂණ ප්‍රමිතීන් හඳුන්වා දෙනවා.එයාර් බෑග්ස් නොමැති වාහන මින් ඉදිරියේදී ගෙන්වීමට අවසර ලබා නොදීම.ප්ලාස්ටික් අමුද්‍රව්‍ය සඳහා බද්දක්.

සූර්ය බලයෙන් ක්‍රියාත්මක කෙරෙන Charging station පිහිටු වීමට පෞද්ගලික අංශය දිරිමත් කිරීම.දැනට භාවිත කෙරෙන ත්‍රිරෝද රථ බංග්ලාදේශ වැනි රටවලට විකිණීමට අවස්ථාව සලසා දීම.ගං වතුර පාලනය කිරීමට කෙටි කාලීන විසඳුමක් වශයෙන් ආරක්ෂණ බැම්මක් ඉදිකිරීම.

සත්ත්වෝද්‍යානවල සිටින සතුන්ව කූඩු නොකර නිදහසේ ජීවත් වීමට හැකි පරිසරයක් සකස් කිරීම.ප්‍රදේශීය සභා බල ප්‍රදේශයකටම පුස්තකාලයක්, ව්‍යායාම මධ්‍යස්ථානයක්, භාවනා මධ්‍යස්ථානයක් ඇතුළු පරිසර උද්‍යාන ද සහිතශරීර සුවතා මංතීරු ඉදි කෙරේ.. අවරුදු 3ක් ඇතුළත කරන මෙම ඉදි කිරීම් සඳහා රු. මිලියන 1500ක්….

ජංගම දුරකතන කුළුණු සඳහා එක් කුළුණකට බැගින් මුදල් අය කිරීම.ඒකාබද්ධ වෙරළ කලාප කළමනාකරණයක් ගොඩනැගීම. සෑම ප්‍රදේශීය ලේකම් කොට්ටාසයකට ම ආධ්‍යාත්මික සහ ශාරීරික සුවතා මධ්‍යස්ථාන…මෙරටට ආවේණික සත්ත්වයින් ගුණාත්මක සංරක්ෂණයට මුදල් වෙන් කෙරේ.ධීවර කලපු 10ක් සංවර්ධනයක් සඳහා මුදල් වෙන් කිරීම.ගල්කිස්ස සිට රත්මලාන දක්වා වෙරළ සංරක්ෂණයට රුපියල් මිලියන 400ක්…

කුඩා හා මධ්‍ය පරිමාණ වැව්වල රොන් මඩ ඉවත් කර ප්‍රතිසංස්කරණය සඳහා රු. මිලියන 1000ක්පොළොන්නරුව, රත්නපුර, කිලිනොච්චිය යන ප්‍රදේශවල කෘෂිකාර්මික දේවල් රැස්කර තබා ගැනීම සඳහා ගබඩා ඉදිකර අවසන් කිරීම.කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය වැඩි කිරීම සහ නවීණ තාක්ෂණය හඳුන්වා දීමට ක්‍රියා කිරීම.ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලීම සඳහා භාවිත කරන අඩි 50ට වඩා වැඩි යාත්‍රා සඳහා 50%ක් රජය දැරීම.

ධීවර ගම්මාන සංවර්ධනයට කටයුතු කිරීම. වැවක් සහිත ගමක් සංකල්පය තවදුරටත්….වගා රක්ෂණය සඳහා රු. බිලියන 3ක් වෙන් කිරීම.මුහුදු කූඩැල්ලන් අපනයනය කිරීම සඳහා පුනරීන් ප්‍රදේශයේ නිෂ්පාදන කලාපයක්. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට මූල්‍ය පහසුකම් ලබා දීමට නව බැංකුවක්. දිළිඳුකම, විරැකියාව තුරන් කිරීම සඳහා ග්‍රාම ශක්ති වැඩසටහන ශක්තිමත් කරමින් කුඩා ව්‍යාපාරවල නිරත පුද්ගලයින්ට සහන සැලසීම සඳහා රු. මි. 2200.. 2025 වසර වනවිට රජයේ සියලු වාහන දෙමුහුම් හෝ විදුලියෙන් ධාවනය වන වාහන බවට පරිවර්තනය කරනවා.කාන්තා ව්‍යවසායකයින් දිරි ගැන්වීමේ සහන ණය වැඩපිළිවෙළක්.

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ අපනයනකරුවන් දිරි ගැන්වීමට රු. බිලියන 3ක් වෙන් කෙරේ. දේශීය ව්‍යාපාරිකයින් දිරිමත් කිරීම සඳහා ඇතැම් විදේශ ආයෝජන සීමා කිරීම. අපනයන වෙළෙඳපොළ පුළුල් කිරීම සඳහා රු. මිලියන 800ක්.

නවෝත්පාදක ව්‍යවසායකයින් දිරි ගැන්වීම.කුඩා තේ වතු සංවර්ධනයට රු. මිලියන 250ක්.කුරුඳු හා ගම්මිරිස් කර්මාන්තයේ නිෂ්පාදනය වැඩි කිරීමට රු. මිලියන 50ක්.බඩඉරිඟු ආනයනය ලිහිල් කිරීම.පොල් පර්යේෂණ ආයතනය හරහා දෙමුහුන් පොල් පැළ නිෂ්පාදනය කිරීම සඳහා රු. මි. 25ක්..අන්නාසි සහ කෙසෙල් ඉහළ ඵලදායීතාවක් සහිත පැළ බිහි කිරීම සඳහා විශේෂ පර්යේෂණ ආයතන 2ක්.මල් නිෂ්පාදකයින් දිරි ගැන්වීම සහ එහි යටිතල පහසුකම් සංවර්ධනය සඳහා රු.මි. 10ක්…මැණික් හා ස්වර්ණාභරණ සඳහා ජාතිය ගොඩනැගීමේ බද්ද ඉවත් කිරීම.
වයඹ විශ්වවිද්‍යාලය තුළ ආහාර තාක්ෂණික මධ්‍යස්ථානයක් ඉදි කිරීමට පියවර.

2025 වන විට විදේශිකයින් මෙරටට ගෙන්වා ගැනීම ප්‍රමාණය දැනට පවතින ප්‍රමාණයට වඩා තුන් ගුණයකින් වර්ධනය කිරීම.දැව නිෂ්පාදන පර්යේෂණ ආයතනයක් මොරටුව විශ්වවිද්‍යාලයට.2025දී සංචාරකයින් මෙරටට පැමිණීම තෙගුණයකින් ඉහළ නැංවීම සඳහා පියවර….

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ අපනයනකරුවන් දිරි ගැන්වීමට රු. බිලියන 3ක් වෙන් කෙරේ. දේශීය ව්‍යාපාරිකයින් දිරිමත් කිරීම සඳහා ඇතැම් විදේශ ආයෝජන සීමා කිරීම.අපනයන වෙළෙඳපොළ පුළුල් කිරීම සඳහා රු. මිලියන 800ක්.නවෝත්පාදක ව්‍යවසායකයින් දිරි ගැන්වීම.කුඩා තේ වතු සංවර්ධනයට රු. මිලියන 250ක්.කුරුඳු හා ගම්මිරිස් කර්මාන්තයේ නිෂ්පාදනය වැඩි කිරීමට රු. මිලියන 50ක්.බඩඉරිඟු ආනයනය ලිහිල් කිරීම.පොල් පර්යේෂණ ආයතනය හරහා දෙමුහුන් පොල් පැළ නිෂ්පාදනය කිරීම සඳහා රු. මි. 25ක්..අන්නාසි සහ කෙසෙල් ඉහළ ඵලදායීතාවක් සහිත පැළ බිහි කිරීම සඳහා විශේෂ පර්යේෂණ ආයතන 2ක්.මල් නිෂ්පාදකයින් දිරි ගැන්වීම සහ එහි යටිතල පහසුකම් සංවර්ධනය සඳහා රු.මි. 10ක්…

මැණික් හා ස්වර්ණාභරණ සඳහා ජාතිය ගොඩනැගීමේ බද්ද ඉවත් කිරීම.වයඹ විශ්වවිද්‍යාලය තුළ ආහාර තාක්ෂණික මධ්‍යස්ථානයක් ඉදි කිරීමට පියවර.2025 වන විට විදේශිකයින් මෙරටට ගෙන්වා ගැනීම ප්‍රමාණය දැනට පවතින ප්‍රමාණයට වඩා තුන් ගුණයකින් වර්ධනය කිරීම.දැව නිෂ්පාදන පර්යේෂණ ආයතනයක් මොරටුව විශ්වවිද්‍යාලයට.සංචාරක මණ්ඩලය අනුමත කරන ලද ත්‍රිරෝද රථ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම (ඨොඋරිස්ට් ඹොඅර්ඩ් ඇප්ප්‍රොවෙඩ් ඨුක් ඨුක්).ත්‍රිරෝද රථ රියැදුරන් සංචාරක මාර්ගෝපදේශකයින් ලෙස පුහුණු කිරීම.ත්‍රි රෝද රථ නියාමක අධිකාරියක් පිහිටුවීමට යෝජනාවක් : සෑම ත්‍රි රෝද රථයකට ම මීටරය සවි කිරීමත් අනිවාර්යයිමාදුරු ඔය සහ ගල් ඔය උද්‍යාන සෆාරි උද්‍යාන බවට වැඩිදියුණු කිරීමට රු. මිලියන 75ක්.පිටිපන උසස් තාක්ෂණ නවෝත්පාදන උද්‍යානයක් පිහිටුවීම.ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය සඳහා ආයෝජන.නිපුණතා සංවර්ධන පාඨමාලා සඳහා රු. මිලියන 2000ක්.

ඉදිරි වසර 3 ඇතුළත උසස් හා තාක්ෂණික වෘත්තිය පුහුණු පාසල් 5ක්… ජාතික අධ්‍යාපන ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම.අන්තර්ජාතික ශිෂ්‍ය ඇගයීම් ක්‍රමය හඳුන්වා දෙයි.පාසල් විෂය මාලාව සඳහා ජාන විද්‍යාව, නැනෝ විද්‍යාව වැනි නව විෂයන් හඳුන්වා දීම.මහපොළ ශිෂ්‍යත්වය සඳහා සුදුසුකමක් වන වාර්ෂික ආදායම ලක්ෂ 3 සිට ලක්ෂ 5 දක්වා ඉහළට…. ඒ අනුව අමතර සිසුන් 3000කට ශිෂ්‍යත්ව වරම්…

දියගම ක්‍රීඩාංගණය වැඩිදියුණු කිරීම, දියගම ක්‍රීඩා ඇකඩමියක් පිහිටුවීම ඇතුළු කටයුතු සඳහා රු. මිලියන 1500ක්. ක්‍රීඩා සපත්තු ආනයන බදු අද රාත්‍රියේ සිට ඉවතට.සිසිල් බීම ඇතුළු බීමවල සීනි ප්‍රතිශතය කිලෝ ග්‍රෑම් එකක් සඳහා ශත 50ක බද්දක්. හෘද රෝහ අවදානම් සහ සත්කාරක සංකීර්ණයක් රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඉදිකිරීම.සිය දිවි හානි කර ගැනීම් අවම කිරීමට මානසික සෞඛ්‍ය සේවා සැපයීමට රු. මිලියන 25ක්.2018 අප්‍රේල් මස 1 වන දා සිට මත්පැන් සඳහා ජාතිය ගොඩනැගීමේ බද්ද (ණ්ඹ්ඨ්) ක්‍රියාත්මක කිරීම.

ගැටුම් හේතුවෙන් අවතැන්වූ උතුරු නැගෙනහිර ජනතාවට නිවාස ලබා දීම සඳහා රු. මිලියන 3000ක්.ලයින් කාමරවල වෙසෙන ජනතාව වෙනුවෙන් නිවාස 25000ක්.නාගරික පුනර්ජීවන වැඩසටහන සඳහා රු. බිලියන 24ක්.ග්‍රාමීය මාර්ග පද්ධතිය වැඩිදියුණු කිරීමට රු. මිලියන 4000ක්.පොලිස් හා අපරාධ විද්‍යාව සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලයක් ඉදිකිරීම.එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාව ලෙස පිටත්ව යන සෙබළුන්ගේ පුහුණුව සඳහා රු.මි. 750ක්…අධිකරණ කටයුතු ප්‍රමාදයකින් තොරව පවත්වාගෙන යාම සඳහා විශේෂ තාක්ෂණික අධිකරණයක් පිහිටුවීම.

බලඅපරාධකරුවන් හා වින්දිතයින් අනෙකුත් පුද්ගලයින් සමග ප්‍රවාහනය වැළක්වීම සඳහා වෙනම වාහන යොදා ගැනේනාය යාමේ අවදානම් සහිත ස්ථානවල පිහිටා ඇති රත්නපුර, වැලිමඩ අධිකරණ සංකීරණ වෙනත් ස්ථානවලට ගෙන යාමට පියවර… කොළඹ තුරඟ තරග පිටිය කලාකරුවන් සඳහා වන ජාතික මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට යෝජනා.

පුරාවිද්‍යාත්මක ස්ථාන ප්‍රතිසංස්කරණ සඳහා රු. මිලියන 250ක්.කලාකරුවන්ට වෛද්‍ය රක්ෂණ ක්‍රමයක්.රාජ්‍ය අංශයේ සේවකයින්ට වැටුප් ගෙවීම සඳහා පොදු ක්‍රමවේදයක්.සේවකයින් 500කට වැඩි රාජ්‍ය ආයතනවල ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිහිටුවීමට ප්‍රතිපාදන වෙන් කෙරේ. 2016 පසු විශ්‍රාම ගිය පුද්ගලයින්ට ජීවිතාන්තය දක්වා අග්‍රහාර රක්ෂණය…

යාපනයට නවීන ආර්ථික මධ්‍යස්ථානයක්. ඊයේ නිවේදනය කළ පරිදි අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පහළට.අත්‍යවශ්‍ය භාණ්ඩවල නව මිල ගණන් අනුව වෙළෙන්දන් භාණ්ඩ අලෙවි කළ යුතුයි.මේ වසරේ පමණක් ගෙවීමට සිදුවන ණය ප්‍රමාණය ට්‍රිලියන 1.9ක්.රේගු ආඥා පනත වෙනුවට නව නීති පද්ධතියක් හඳුන්වා දීම. 2018 අප්‍රේල් 1 වන දා සිට බැංකු ගනුදෙනුවලදී රු.1000කට ශත 20ක විශේෂ බද්දක්.පානීය නොවන මද්‍යසාරවලට රු. 15ක සුරා බද්දක්.2018 අප්‍රේල් 1 වන දා සිට කෙටි පණිවුඩ(SMS)මගින් සිදු කරන අලෙවිකරණ කටයුතු සඳහා ශත 25ක බද්දක්.

නීති විරෝධීව ගෙන්වන විදේශීය දුම්වැටි නතර කිරීම සඳහා දුම්වැටි ආනයනකරුවන් සඳහා බලපත්‍ර නිකුත් කිරීම.රට ඉදිරියට ගෙන යනවා ද පසුපසට ගෙන යනවා ද යන තීරණය ඔබ සතුයි” – මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අයවැය යෝජනා අවසන් කරමින් ඉල්ලීමක් කරයි.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply