Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » කෝටි 13,464ක් ඉතිරියි...! රුසියන් යුධ නැව වෙනුවට ඇමරිකාවෙන් ලංකාවට නොමිලේම සුපිරි නැවක්...! (PHOTOS)

ඇමරිකා එක්සත් ජනපදයෙන් නවීන අවිආයුධ සහිතව සමුද්‍රාරක්ෂක කටයුතු සඳහා භාවිතා කල හැකි ලේකම් පන්තියට අයත් සුපිරි නෞකාවක් ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් වශයෙන් ලබාදීමට සූදානම් වන බව වාර්තා වී තිබේ.

මේ බව සඳහන් වන්නේ පසුගියදා ලංකාවේ සංචාරයකට පැමිණි ඇමරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම් (දේශපාලන) තෝමස් ෂැනොන් මහතා ඊයේ රටින් නික්ම යෑමට පෙර නිකුත් කරන ලද ඇමරිකානු-ශ්‍රී ලංකා ඒකාබද්ධ ප්‍රකාශයේ ය. එහි මෙසේ සඳහන් වේ.

“දෙරට අතර පවතින ශක්තිමත් ද්විපාර්ශවීය සබඳතාවල සහ දිනෙන් දින පෘථුල වන ශ්‍රී ලංකාවේ සහ එක්සත් ජනපද ක්‍රියාකාරකම්වල සලකුණක් වශයෙන්, කොංග්‍රස් මණ්ඩලය මගින් නිවේදනය කිරීමේ ක්‍රියා පටිපාටිය සම්පූර්ණ කිරීමට යටත්ව, ශ්‍රී ලංකා නාවික හමුදාවට දෙවැනි එක්සත් ජනපද වෙරළාරක්ෂක යාත්‍රාව පිරිනමන බව එක්සත් ජනපදය නිවේදනය කෙළේය. ලේකම් පන්තියට අයත් ඉහළ දරාගැනීමේ ශක්තියකින් යුත් මෙම යාත්‍රාව (Secretary Class High Endurance Cutter) හේතුවෙන් ශ්‍රී ලංකාවට වඩාත් ඵලදායී ලෙස සිය වෙරළ තීරය සහ විශේෂිත ආර්ථික කලාපය මුරකිරීමටත්, සිය වෙළඳ හා සන්නිවේදන මුහුදු මාර්ග ආරක්ෂා කරගැනීමටත් හැකි වනු ඇත.“

මේ අනුව පසුගිය සමයේ කතාබහට ලක්වූ රුසියාවෙන් මිලදී ගැනීමට නියමිත යුධ නැව තවදුරටත් අවශ්‍ය නොවනු ඇති අතර රුපියල් කෝටි 13,464ක මුදලක් ඒ නිසා රටට ඉතිරි වනු ඇත.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply