Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » 11.15ට බාන හෙලිකොප්ටරය ආයෙත් 2.20ට ගුවනට. ඉන්නේ පැය තුනයි...! අද බැදුම්කර කොමිසමට යන අගමැති, හදිසියේම හෙට (21) දවල්ට මෛත්‍රී එක්ක ඉන්දියාවේ කෝවිලකට යන්නේ ඇයි...?



අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෙට(21) ඉන්දියාවේ කොල්ලුර් හි පිහිටි ශ්‍රී මෝකම්බික හින්දු කෝවිලේ විශේෂ පූජාවක් සඳහා පිටත්ව යන බව වාර්තා වී තිබේ.

මේ වනවිට එම දේවාල පරිශ්‍රය සඳහා විශේෂ ආරක්ෂාවක් ලබා දී ඇති අතර හෙට අග්‍රාමාත්‍යවරයා පූජාවට සහභාගී වන මොහොතේදී දේවාල පරිශ්‍රයට සාමාන්‍ය පුද්ගලයින්ට ඇතුලු වීම තහනම් කිරීමටද ඉන්දීය රජය කටයුතු කර ඇත. 

උදෑසන 11.15 පමන කොල්ලූර් හී අංගනයකට ගොඩබාන අගමැතිවරයාගේ හෙලිකොප්ටරය නැවත ද්හවල් 2.20 පමණ වනවිට එම ප්‍රදේශයෙන් ඉවත්වන බව ආරක්ෂක අංශ දැනුවත් කර තිබේ. 


මහා කාලි සහ දුර්ගා යන දෙවියන් සඳහා මෙහිදී රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ පුජාවක් පැවැත්වීමට නියමිතව ඇතැයිද අනාවරණය වී තිබේ. 

මෙම අවස්ථාවට අගමැතිවරයාගේ බිරිඳ වන, කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්‍ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියද සහභාගී වනු ඇත.

අද(20) කූප්‍රකට බැදුම්කර කොමිසමට සාක්ෂි ලබාදීම සඳහා පැමිණෙන රනිල් වික්‍රමසිංහ මහතා සිය දේශපාලන ජීවිතයේ තීරණාත්මකම කාලවකවානුවක් අදින් ආරම්භ කරනු ඇත. 

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply