Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » චීන යුවළ 100ක් එළඹෙන 17 වනදා කොළඹදී යුග දිවියට..!


එළැඹෙන දෙසැම්බර් 17 වැනිදා චීන ජාතික මනාල ,මනාලියන් යුවළ 100 ක් කොළඹ පුරහලේදී විවාහවන බව අද (29) වොටරස් එජ් හී පැවැති විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍ය මත්‍ය චම්පික රණවක පැවැසීය.


ශ්‍රී ලංකා සාම්ප්‍රදයට අනුව චීන ජාතික තරුණ තරුණියන් යුවළවල් 100ක් එකම තැනකදී යුග දිවියට ඇතුලත් කර දීම, රාජකීය විවාහා මංගල්‍යයක් ලෙස පැවැත් වීමට සැළසුම් කර ඇත.

චීනය සහ ශ්‍රී ලංකාව අතර සංචාරක කටයුතු ප්‍රවර්ධනය මෙහි මූලිකම අරමුණ වේ. 

මෙම රාජකීය විවාහා මංගල්‍යයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද සහභාගී වීමට නියමිත ය. මෙ මගින් චීනය හා ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය වඩ වඩාත් තහවුරු කර ගත හැකි බවද මෙහිදී ඇමැතිවරයා පැවැසිය.

බස්නාහිර මහනගර සංවර්ධන අමාත්‍යංශය, සංචාරක අමාත්‍යංශය හා චීන රජය මෙම උත්සවය සංවිධානය කරයි.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply