Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

කොන්ත්‍රාත් පදනම මත සේවය කල දුම්රිය සේවකයින්ට වැඩ වරදී..! සේවය හැර ගියා සේ සළකයි...!


දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කර ඇති බැවින් දුම්රිය දෙපාර්තමේන්තුවේ කොන්ත්‍රාත් පදනම මත දැනට සේවය කරන සියලු දුම්රිය රියදුරන්, පාලකවරුන්, නියාමකවරුන් හා ස්ථානාධිපතිවරුන් වහාම සේවයට වාර්තා කරන්නැයි දුම්රිය සාමාන්‍යාධිකාරී මහානාම අබේවික්‍රම මහතා නියෝග කර ඇත.
අද(12) දිනයේ එසේ සේවයට වාර්තා නොකරන සියලු දෙනා සේවය හැරගියා සේ සලකා කටයුතු කරන බවද දැනුම් දී තිබේ.
මේ අතර දුම්රිය රියදුරන් සහ දුම්රිය සේවක ඒකාබද්ධ සංධානය ආරම්භ කර ඇති වර්ජනය හේතුවෙන් මගීන් අපහසුතාවයට පත්වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය අමතර බස් රථ 1750ක් යොදවා ඇතැයි ප්‍රවාහන අමාත්‍යංශය පවසයි.
දෛනිකව ලංගම බස්රථ 5700ක් සේවයේ යොදවන අතර වර්ජනය හේතුවෙන් අමතර බස් රථ 1000ක් ද පාසල් නිවාඩුව නිසා පාසල් සේවා බස් රථ 750ක් දුර ගමන් සේවා සඳහා ද යොදවනු ලැබ තිබේ.

Lankadeepa.lk (මහින්ද නිශ්ශංක / ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)





කෝලි - අනුෂ්කා විවාහය ගැන ඉන්දියානු ජෝතිෂ්‍යවේදිකුගෙන් ආන්දෝලනාත්මක අනාවැකියක් - මංගල උත්සවය ලොව මිල අධිකම හෝටලයක - සියලු තොරතුරු මෙන්න (VIDEO/PHOTOS)



සුපිරි ක්‍රීඩක විරාත් කෝලිගේ හා සුරූපි බොලිවුඩ් නිළි අනුෂ්කා ෂර්මාගේ විවාහය මේ වන විට බොහෝ දෙනාගේ කතාබහට ලක්වන මාතෘකාව වී තිබේ.
කෝලිගේ විවාහය මේ මස සිදුවන බව පසුගිය කාලය පුරාම රාවයන් පැතිර ගිය අතර, ශ්‍රී ලංකා කණඩායම සමග පැවත්වෙන එක්දින තරඟාවලියට කෝලි සහභාගී නොවීම මෙම සැකය තවත් තහවුරු කරන්නක් විය.
කෙසේ වෙතත් විරාත් කෝලි හා අනුෂ්කා ෂර්මා සිය විවාහ මංගල්‍යය සඳහා ඉතාලියට ගොස් ඇති බව වාර්තාවෙයි
ඔවුන්ගේ විවාහය මංගල උත්සවයට පවුලේ උදවිය හා ඉතා සමීපතම මිතුරන් පමණක් සහභාගී වන බව ඉන්දීය මාධ්‍ය සඳහන් කර අතර Borgo Finocchieto නම් හෝටලයේ ඔවුන්ගේ විවාහ මංගල උත්සවය පැවත්වෙන බව සඳහන් වෙයි.
හිටපු ඇමරිකානු ජනපති බැරැක් ඔබාමාද මෙහි නවාතැන් ගෙන ඇති බව සඳහන් වන අතර  ෆෝබ්ස් සඟරාවට අනුව ලොව දෙවන වැඩිම අය කිරීමක් කරනා නිවාඩු නිකේතනය වෙයි.
ඔවුන්ගේ විවාහය හෙට (12) පැවැත්වීමට නියමිත බව සඳහන් වන අතර ,ඇතැම් ඉන්දියානු මාධ්‍ය සඳහන් කරන පරිදි එම දිනය දෙසැම්බර් 15 වෙයි.
මෙම විවාහය ඔවුන්ගේ ජීවිත වලට බොහෝ සර්ථකත්වයන් ලබාදෙන බව ඉන්දියානු ජෝතිෂ්‍යවේදියකු සඳහන් කර තිබේ.
කෙසේ වෙතත් ඔවුන්ගේ විවාහ ජීවිතය තුළ යම් යම් ආරවුල්ද ඇතිවිය හැකි බව එම ජෝතිෂ්‍යවේදියා සඳහන් කර තිබේ.
යුග දිවියට එළැඹී පළමු වසර දෙකේදී මෙම ආරවුල් ඇතිවිය හැකි බව සඳහන් කරන එම ජෝතිෂ්‍යවේදියා, ඔවුන් දෙදෙනාගේ වෘත්තීය ජීවිතය හා පෞද්ගලික ජීවතය පටලවා ගැනීම මෙම තත්වයට හේතුවිය හැකි බව ඔහු සඳහන් කරයි.කෙසේ වෙතත් ඉන්පසුව කෝලි - අනුෂ්කා යුවළ යහපත් පවුල් ජීවිතයක් ගත කරනු ඇතයිද සඳහන් වෙයි.
ඡායාරූප හා වීඩියෝ පහතින් නරඹන්න.

" ආසි‍යාවේ කායවර්ධන ක්‍රීඩාව නගා සිටවූයේ ඔබයි, ඔබ ලෝකයටම වීරයෙක් " ආසියාවේ කලු සිංහයා අපේ ලූෂන්ට ඇමෙරිකාවෙන් උපහාර .! (VIDEO)



ඇමරිකාවේ ටෙක්‌සාස්‌හි පැවැති 'ග්ලෝබල් මිස්‌ටර් ඇට්‌ලස්‌' කායවර්ධන තරගාවලිය නියෝජනය කළ ශ්‍රී ලංකාවේ අපේ ලූෂන් පුෂ්පරාඡ්ට එහිදී සිව්වැනි ස්‌ථානය හිමිවූ පුවත අප ඔබට මින් පෙර වාර්තා කළෙමු.
ලොව ප්‍රමුඛතම කායවර්ධන තරගාවලියක් වන  'ග්ලෝබල් මිස්‌ටර් ඇට්‌ලස්‌' කායවර්ධන තරගාවලියට රටවල් 34ක් නියෝජනය කරමින් කායවර්ධන ක්‍රීඩකයන් සහභාගි වී තිබුණි. ශ්‍රී ලංකාවේම ක්‍රීඩා සම්මේලන වලින් එල්ල වූ පීඩන හා පෙත්සම් මැද ඇමෙරිකා එක්සත් ජනපදයට වීසා ලබා ගැනීම පවා ලූෂන්ට අපහසු වී තිබුණි.

එවැනි අවස්තාවක , ප්‍රමාද වී ඇමෙරිකා එක්සත් ජනපදයට ගිය ලූෂන් පුෂ්පරාජ්ට සිය පෙර පුහුණුවීම් ඇරඹීමට සිදුවූයේ ප්‍රමාද වී බව සදහන්, කෙසේ වෙතත් එලෙස නො‍යෙකුත් තාඩන පීඩන මැද්දේ සමස්ත ශ්‍රී ලාංකිකයන්ගෙම ආදරය හා ආශීර්වාදය සමග තරග කළ ලූෂන් මුල් වටයේ ඉහළ ලකුණු ලබා අවසන් වටයට තේරී පත් විය.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන් ලූෂන්ට දිරි දීමට සිංහ කොඩි රැගෙන පැමිණ තිබුනද මෙම තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් , සිංහ කොඩිය යටතේ තරග වැදීමට ලූෂන්ට වරම් නොවීය, ඒ ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනය විසින් ලූෂන් පුෂ්පරාජ්ට ජීවිතාන්තය තෙක් තරග තහනමක් පනවා තිබෙන නිසාය.

කෙසේ වෙතත් පුංචි ශ්‍රී ලංකාවේ ඉපිද , නිළධාරීන් සහ සංගම් කකුලෙන් අදිද්දි , පීඩ මැදින් ලොව හොදම කා‍යවර්ධන තරගාවලිඅක , හොදම කාාවර්ධකයන්  පස් දෙනා දෙනා අතරට ප්‍රවිෂ්ඨ වීමම මහා ජයග්‍රහනයක් බව විචාරකයන් සදහන් කර තිබුණි. තරගාවලියේ පළමු හා දෙවැනි ස්‌ථාන සත්කාරක ඇමරිකානු ක්‍රීඩකයන්ට හිමිවූ අතර තෙවැනි ස්‌ථානය අසල්වාසී ඉන්දියාවට හිමි විය.

මෙහිදි විශේෂත්වය වූයේ "ආසියාවේ කලු සිංහයා" ලෙසින් හැදින්වෙන ශ්‍රී ලංකාවේ අපේ ලූෂන් පුෂ්පරාජ්ට  ආසියාවේ කායවර්ධන ක්‍රීඩාව වෙනුවෙන් සිදුකරනු ලබන සේවය උදෙසා විශේෂ ඇගයීම් සම්මානයක්‌ ලබාදීමටද සංවිධායකයෝ කටයුතු යොදා තිබීමයි, තරගාවලිය පුරාවටම ආසියාවේ කායවර්ධන ශූරයා ලෙස ලූෂන් පුෂ්පරාජ්ට ඉහළ අවදානයක් යොමු වී තිබුණු අතර තරගාවලියේ ජනප්‍රියතම ක්‍රීඩකයෙක් ලෙසද ලූෂන් වැජබීම ශ්‍රී ලංකාවටම අභිමානයකි.

මෙහිදි ලූෂන් පුෂ්පරාජ්ට සම්මානය ලබා දෙන ඇමෙරිකානු නියෝජිතයා පැවසූවේ " අද ඔබට ඔබගේ අරමුණ ඉටු කර ගන්නට නොහැකි වන්නට ඇත , නමුත් ඔබ කායවර්ධන ක්‍රීඩාව වෙනුවෙන් , ඔබගේ රට වෙනුවෙන් , ආසියාව වෙනුවෙන්ම , ලෝකය වෙනුවෙන්ම විශේෂ දෙයක් කළා , ඔබ ඔබගේ රටේ තරුණයන්ට ආදර්ශයක් , ඔබගේ රටට විතරක් නෙවෙයි , මුලු රටටම , ඔබ ජාතික වීරයෙක් . දහස් ගණනක් තරුණයන්ට ඔබ වගේ වීමට අවශ්‍යව තිබෙනවා , ඔබයි කලු සිංහයා" යනුවෙනි.
ලූෂන් පුෂ්පරාජ්ට සම්මානය ලබා දුන් සංවේදී මොහොත

ජෝතිපාලගේ බිරිඳ සහ දරුවන් නලීන්ට එරෙහිව කෝටියක් ඉල්ලා නඩු දමයි...!



නැසිගිය ජනප්‍රිය ගායක  එච් ආර් ජෝතිපාල මහතාගේ  ගීත, ඒ මහතාගේ පවුලේ සාමාජිකයින්ගේ අවසරයකින් තොරව ගායනා කල නිසා සිදුවූ පාඩුව වශයෙන් රුපියල් කෝටියක වන්දි මුදලක් ඉල්ලා මේරියන්ස් සංගීත කණ්ඩායමේ නායක නලීන් පෙරේරා  මහතාට එරෙහිව කොළඹ වාණිජ මහාධිකරණයේ බුද්ධිමය දේපළ නඩුවක් පැවරීමට ජෝතිපාල මහතාගේ පවුලේ සාමාජිකයින් කටයුතු කර තිබේ.

HR ජෝතිපාල මහතාගේ බිරිද වන බ්ලෝසම් ජෝතිපාල මහත්මිය මෙහි ප්‍රධාන පැමිණිලිකරු වන අතර නඩුව එළඹෙන ජනවාරි මාසයේදී විභාගයට ගැනීමට නියමිතව ඇත.

Kings of 70's නම් ප්‍රසංගයේදී නලීන් පෙරේරා විසින් ජෝතිපාල මහතාගේ ගීත කිහිපයක් ගායනා කිරීමට එරෙහිව ඔවුන් මෙම නඩුව පවරා ඇත. 

හතරවන දිනටත් දුම්රිය වර්ජනයේ... මගීන් හඬමින් කියන කතාව (VIDEO)



වැටුප් විශමතාවයන් ඉවත් කිරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය සේවකයින් හතර වන දිනටත් අද  වැඩ වර්ජනයක නියැලී සිටියි. 

මෙම වැඩවර්ජනය නිසා දෛනිකව දුම්රියෙන් රැකියා සඳහා පැමිනෙන ජනතාව ඇතුලු විශාල පිරිසක් දැඩි පීඩනයට ලක්ව තිබේ.

දුම් රිය අත්‍යවශ්‍ය සේවයක් බවට පත් කිරීමට ජනාධිපතිවරයා විසින් නියෝගයක් පවා නිකුත් කලද දුම් රිය සේවකයින් එය සම්පූර්ණයෙන්ම නොතකා හැර  වර්ජනයේ  යෙදෙයි.

මෙම වර්ජනයෙන් පීඩාවට පත් මගීන් ඒ පිළිබඳව සංවේදීව පළ කල අදහස් පහතින් දැක්වේ. 

මම වැඩ්ඩෙක්, ඒ නිසා තමයි රංජන් මාව කපන්නේ... කාලා කාලා මට හම්බ වුනේ රොඩ්ඩ කියලා අමීෂම මට කියනවා - අර්ජුන කමලනාත්



අර්ජුන් කමලනාත් හා රන්ජන් රාමනායක අතර කලක පටන් පවතින්නේ විරසකයක්.

තමාව සිනමාවෙන් කපාදැමීමට රන්ජන් උත්සාහ කරන බවටයි අර්ජුන් චෝදනා කරන්නේ. තමාව නොගන්නා ලෙස අධ්‍යක්ෂවරුන්ට රන්ජන් බලපෑම් කරන බවට පසුගිය කාලයේ ඔහු චෝදනා කර තිබුණි.

සරසවි සම්මාන උළෙලේදී ජනප‍්‍රියම නළුවාට හිමි සම්මානය තමන්ට නොදෙනෙ ලෙසටද රන්ජන් බලපෑම් කළ බවද එහිදී පවසා තිබුණි. මේ පිළිබඳව පුවත්පතකට අදහස් දක්වමින් අර්ජුන් පවසන්නේ මෙවැන්නක්.

හරි කවුද ඔය තරම් බාධා කරපු කෙනෙහිලි කරා කියන නළුවෝ?
96දී මට හම්බවුණ ප්‍රථම කැපිල්ල මට ප්‍රධාන චරිතය නැති කරපු එක. අධ්‍යක්‍ෂවරයා නම් මට කිව්වේ එක්තරා ජේ‍ෂ්ඨ නළුවෙක් මට පෙත්සම් ගහලා මාව ගන්නෙපා කියලා බල කළා කියලයි. මම දන්නේ නෑ.

මොනවගේ දේවල්ද මේ කෙනෙහිලිකම් නිසා අහිමි වුණේ?
මම චිත්‍රපට 24ක් රඟපෑවට පසුව තමයි මම නැඟී එන නළුවා බවට පත්වුණේ. සමහර අයට එක චිත්‍රපටයෙන් නැඟී එන නළු සම්මානය ලැබුණා. මම අහලා තියෙනවා "ටක් ටික් ටුක්" චිත්‍රපටයේ අනෝජා වීරසිංහට නැඟී එන නවක නිළියට සම්මානය ලැබුණේ පඩිපෙළක් නැඟගෙන එන දර්ශනයකට කියලා. මේ වගේ ගොඩක් දේවල් වුණා. සරසවියේ සම්මානවලට නියෝජනය වෙලත් මාව එක්තරා නළුවකු නිසා ඉවත් කළා. සභාපති ඔහුගෙන් සල්ලි ගත්තා කියලා මට ආරංචි වුණා. එදා ඉඳන් සරසවි සම්මාන උළෙලත් නෑ.

හරි ඇත්තටම කූපන් වැටිලා තිබුණේ නැද්ද දන්නේ නැහැනේ?
සාමාන්‍යයෙන් රසිකයෙක් එක පත්තරයක් අරන් එක කූපන් එකක් දායි. පත්තර මිටි ගණන් ගන්නේ නැහැනේ. එහෙම මානසිකත්වයක් ලංකාවේ නැහැ. තිබ්බත් මේ ආර්ථිකය එක්ක කරන්නත් බැහැ. ඔය කවුරුත් ජනප්‍රිය නළුවා වෙන්නේ තමන්ගේ අතින් වියදම් කරලා කූපන් දාලා.

හරි අපි කෙළින්ම කියමුකෝ ඔය තරම් ඔබට කෙනෙහිලිකම්, අසාධාරණකම් කළේ කවුද කියලා?
ඔය කියන ජේ‍යෂ්ඨ නළුවා තමයි රජහොරු චිත්‍රපටයේ මාත් එක්ක ඇට් කළේ. ඔහු රජ හොරු එකේ ඇට් කරන්න අධ්‍යක්ෂවරයා සමඟ මීටින් 19 ක් ගත්තා කියලා මට පුද්ගලයෙක් කිව්වා. ඒ කියන්නේ මම ඒ තරම් පොරක්. මම වැඩ්ඩෙක්, මම වැඩකාරයෙක් නිසා තමයි කට්ටියම මාව කපන්න set වුණේ.

රන්ජන් රාමනායකට නේද ඔබ ඔය චෝදනාව එල්ල කරන්නේ?
තමන්ගේ හෘද සාක්ෂිය දන්නවානේ තමන් මොනාද කරන්නේ කියලා. රජ හොරුමාත් එක්ක එකට රඟපාලා පෝස්ටරයට මගේ රූපය දාන්න දුන්නේ නෑලු. එහි තිබුණු සිංදුව මට කරන්න දෙන්නපා කිව්වලු. සිංදුව කළොත් ඩබින්වලට එන්නේ නෑ කිව්වලු. ඔය වගේ ලු කතා ගොඩාක් මට ආරංචි වුණා. සත්‍ය දන්නේ ඔවුන්ගේ හෘදය සාක්ෂිය තුළයි.

ඔබ හිතන විදියට කවුද වත්මන් සිනමාවේ වීරයා?
මේ කාලේ යන්නේ ඉතිහාස කතා රැල්ලක්නේ. ඉතින් එහෙම බැලුවම මේ කාලේ වීරයා ඇහැළේපොළ කුමාරිහාමි, එයනේ දැන් තිරගත වෙන්නේ.

මම අහන්නේ දුවන චිත්‍රපට ගැන නෙවෙයි. එදා ගාමිණි ෆොන්සේකා සිනමාවේ වීරයා වුණා, ඒ වගේ වත්මන් වීරයා කවුද?
Under World වගේ ක්‍රියාදාම චිත්‍රපට කරපු කාලේ මාත් වීරයා වුණා. අපේ රට තුළම වීරයා සංකල්පයක් නැහැ. දැන් මැඩ්රාස් ගත්තොත් නළුවට මල්මාලා දාලා විසිල් ගහලා වීරයා කරන්නේ මිනිස්සු. ලංකාවේ නළුවට මල්මාල දම්මලා විසිල් ගස්සන්නේ නළුවාමයි. ඒක වීරයා නෙවෙයි ඒක පීචං.

තමන් රඟපාන චිත්‍රපටයක, සිනමා ශාලාව තුළ Sound Track එකකින් අත්පුඩි ගස්සනවානම් ඒක පීචං. සිනමා ශාලාවේ ඉන්නේ මිනිස්සු 10ක් විතර ලංකාවේ විතරයි මම එහෙම දෙයක් දැක්කේ. ලංකාවේ වීරයෝ ඉන්නවාද ඔහොම වීරයෝ වීරයෝ නෙවෙයි පීචං. ඇත්තටම අද සිනමාවේ වීරයෝ නෑ ඉන්නේ පීචංලා. අඩි පහක් උසට කකුලක් උස්සගන්න බැරි නළුවෝ ඉන්නේ. කකුල උස්සන්න පුළුවන් නළුවාව අයින් කරන්න කියන වීරයෝ ඉන්න රටක් මේක.

පස්දෙනෙක් විතර වඩාගෙන ඉස්සුවට පස්සේ බොරුවට ගහගෙන පස්සේ තනියම ගැහුවා වගේ පෙන්නන නළුවෝ ඉන්න රටක් මේක. එහෙම වීරයෝ තමයි ඉතින් ලංකාවේ සිනමාවේ ඉන්නේ.

මල්ලි කියලා බදාගෙන යටින් පිහියෙන් අනින්න හොඳ නැහැ. කවුරුහරි හිතනවා නම් මගෙන් පස්සේ මේකේ එකෙක් බිහිවෙන්න බෑ කියලා, ඔවුන් නෙවෙයි සැබෑ වීරයෝ.

සමලිංගික ප්‍රේමය පදනම් වුණු චිත්‍රපටයකට ආරාධනා කළොත් භාර ගන්නවාද?
ඔව්, ප්‍රශ්නයක් නැහැ. චිත්‍රපටයක්නේ.

හරි එහි ඔබේ සහකරු රංජන් රාමනායක වෙලා සිප ගැනීමේ දර්ශනයක් තිබ්බොත් එය කරනවාද?
ජීවිතේ තියෙන තුරු කිසිම දවසක ඔහුත් සමඟ එවැනි දර්ශනයක් කරන්නේ නැහැ. මම අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනා

මීෂා පෙම්වතියව ඉද්දී වෙනත් පෙම්වතියෝ ඉඳලා තියෙනවද?
අම්මෝ ඔව්. හිසේ කෙස් ගාණට. මට හම්බවුණේ රොඩ්ඩනේ කියලා අමීෂාම සමහර වෙලාවට මට කියනවා.

ජාතික තරුණ සේවා සභාවට තියෙන සම්බන්ධය මොකක්ද?
ඔව් මම එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ ඉන්නවා. මට එයට ආරාධනා කළේ යෞවන කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා. මම එතුමාගෙන් ඇහුවා මෙච්චර රටේ නළුවෝ ඉද්දී ඇයි මටම කතා කළේ කියලා. ඇමැතිතුමා මට එවෙලේ හිනා වෙලා කිව්වා "උඹ තමයි නළුවා" කියලා

සති දෙකට හතර දෙනයි.... පාලකයෝ නිදිවදිද්දී තවත් ඇතෙක් ඝාතනය කරයි..!(PHOTOS/VIDEO)



සෙල්ලන්කන්ද රක්ෂිතය වාසභූමිය කරගනිමින් ජීවත්වූ ‘තනි දළයා’ නමැති දළ ඇතා ඝාතනය කල පුවත ඔබ දන්නවා ඇති.
වයස අවුරුදු තිහක් පමණවූ මෙම ඇතා ප්‍රධාන මාර්ගය අසල අලිවැට ආසන්නයේ නිරන්තරයෙන් සැරිසැරූ අඩි නවයක් පමණ උස පිරිපුන් දේහයක් සහිත ඇතෙක්.
ගල්ගමුවේ දළපූට්ටුවා මෙන්ම කිසිවෙකුටත් හිරිහැරයක් සිදු කර නැති තනි දළයා ආරක්ෂා කර දෙන ලෙස පරිසරවේදීන් දිගින් දිගටම ඉල්ලීම් සිදු කර තිබුනත් වනජීවී දෙපාර්තුමේන්තුවේ තිරිසන්නු ඊට කිසිඳු ප්‍රතිචාරයක් දක්වා තිබුනේ නෑ..
මීට දිනකට පමණ පෙර දඩයම් කරුවකුගේ වෙඩි පහරකින් ඇතා මියයන්නට ඇතැයි නිලධාරීහු සැක කරනවා.
රක්ෂිතයට හරක් බැලීම සඳහා ගිය පුද්ගලයකු මියගිය ඇතා දැක වනජීවී නිලධාරීන් දැනුවත් කර ඇති අතර ඇතාගේ දේහයේ වෙඩි තැබීමෙන් සිදුවූ තුවාල කිහිපයක්ද දක්නට ලැබෙනවා.
වනජීවී පශු වෛද්‍යවරයෙකු විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කල අතර එහිදී ඔහු ප්‍රකාශ කර තිබුනේ වෙඩි තැබීම් මෙන්ම වසක් ද ශරීරය තුළ තිබූ බවයි.
ගල්ගමුවේ දළ පූට්ටුවා ඝාතනය.(November 27)
තබ්බෝවේ ඇතා ඝාතනය. (November 29)
ඊයේ රිටිගල ඇතා ඝාතනය. (December 08)
අනුරාධපුර – පුත්තලම ප්‍රධාන මාර්ගයේ 4 කණුව ප්‍රදේශයේ දී හිටපු එකම ඒක දන්ත හස්තියා…(  December 09)

- ape rata. net 

දුමින්ද දිනන සටන අරඹයි... සුභ මොහොතින් නාම යෝජනාවට අත්සන් කරයි...! (PHOTOS)


පළාත් පාලන ජන්දය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාම යෝජනා පත්‍ර අත්සන් කිරීම අද දින ප.ව 1:18 ට යෙදුන සුභ මොහොතින් නිදහස් පක්ෂ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා අතින් ජයග්‍රාහි ගල්නෑව ප්‍රාදේශීය සභාවෙන් ආරම්භ විය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා වශයෙන් ගරු දුමින්ද දිසානායක මහතා පත්වීමෙන් පසු එම පක්ෂය තරඟවදින පළමු පලාත් පාලන ආයතන මැතිවරණය මෙයයි. 

පක්ෂය විශිෂ්ඨ ලෙස ජයග්‍රහණය කිරීම සදහා ඉතා ක්‍රමානුකූල සැලසුමකට අනුව  දුමින්ද දිසානායක අමාත්‍යවරයා විසින් පක්ෂය මෙහෙයවමින් තිබේ. 

 හොරු, වංචාකාර ස්ත්‍රීදූෂකයින්ගෙන් තොර බුද්ධිමත් අපේක්ෂක ලයිස්තුවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් මෙවර මැතිවරණයට ඉදිරිපත් කර ඇති අතර  ඔවුන් ඉතා උද්යෝගීව මැතිවරණ කටයුතු වල නියැලෙනු දක්නට ලැබේ.





දෙරණ ඩ්‍රීම් ස්ටාර් කිරුළ සුනීර සුමංගට...! (VIDEO)



දෙරණ ඩ්‍රීම් ස්ටාර්  ගායන තරඟාවලියේ ජයග්‍රහණය සුනීර සුමංග විසින් ඊයේ රාත්‍රියේදී දිනාගනු ලැබුවා.

අති විශාල ජනකායකගේ සහභාගීත්වයෙන්  කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේ පැවති අවසන් මහා තරගයේදී  දෙවන ස්ථානය දිනාගැනීමට ශලීන් කෞෂල්‍ය සමත්වූ අතර දෙවන ස්ථානය හිමිවූයේ මහේෂා සඳමාලිටයි.

එම තරඟයේ ප්‍රතිලප ප්‍රකාශයට පත්කල අවස්ථාවේ වීඩියෝව ඔබට පහතින් නැරඹිය හැක. 


සමලිංගික සේවනය නීතිගත කරන්න බෑ, ඕනෙනම් හොරෙන් කර ගන්න – මහින්ද රාජපක්ෂ (වීඩියෝ)



වත්මන් ආණ්ඩුව සමලිංගික අයිතිවාසිකම නීතිගත කිරීමට සුදානම් වන බවත් එය රටේ සංස්කෘතියට හා සභ්‍යත්වයට පටහැනි බැවින් ඊට තමන්ද විරුද්ධ නමුත් වුවමනාවක් තිබෙනවා නම් එය හොරෙන් ගෙවල් ඇතුලේ කරගත්තාට වරදක් නැති බව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ ප්‍රකාශකර සිටියේය.
එම කතාවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගමගේ බහු භාර්යා සේවනය ගැනද මහින්ද රජාපක්ෂ අදහස් දැක්වූ අතර එහිදී බහු භාර්යා සේවනය උත්කර්ෂයට නංවමින් ඔහු සඳහන් කර සිටියේ වෙල්ගම ඇමතිතුමාගේ එක බිරිඳක් හපුතලේ බවත්, අනෙක් බිරින්දෑවරු කොහෙදැයි තමන් කියන්නේ නැති බවත්ය.
එසේම බහු භාර්යා සේවනය අතින් තමන්ගේ පොදුජන පෙරමුණේ අය සමඟ ආණ්ඩුවේ අයට හැරෙන්නවත් නොහැකි බවද ඔහු සඳහන් කර සිටියේය.
මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පවසා සිටියේ පසුගියදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මගින් බදුල්ලේ පවත්වන ලද “දිනන සටන” රැළිය අමතමින්ය.
එහිදී මහින්ද රාජපක්ෂ මහතා සිය කතාවේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ දේශපාලන පක්ෂයක් ලෙස සමලිංගික අයිතිවාසිකම් සහ විවාහය නීතිගත කිරීමට විරුද්ධ නමුත්, සමලිංගික සේවනයට ඔවුන්ගේ විරුද්ධත්වයක් නොමැති බව හැඟවූ අතර ඒ වෙනුවෙන් යෝජනා කර සිටියේ සමලිංගික සේවනය රහසේ ගෙවල් තුළ සිදුකර ගත යුතුව ඇති බවය.
එමෙන්ම වෙල්ගම ඇමතිවරයාගේ බහු භාර්ය සම්බන්ධතා උත්කර්ෂයට නංවමින් තම පාක්ෂිකයින් ඉදිරියේ එය හුවා දැක්වීමට පසුබට නොවීම තුළින් හිටපු ජනාධිපතිවරයා බහු භාර්යා සේවනය එළිපිට සිදුකිරීමේ කිසිදු වරදක් නොමැති බව හැගවෙන ප්‍රකාශයක් මෙම කතාවේදී සිදුකර තිබේ.
මේ අනුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා හා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමලිංගික සේවනය පන්සලේ මෙන් රහසේත්, බහු භාර්යා සේවනය එළිපිට සිදුකළ හැකි බවත් ප්‍රතිපත්තියක් ලෙස පිළිගෙන තිබේ.


බැසිල්ගේ වැඩි කැමැත්තක් නැතුවම, ජනපතිගේ ඉල්ලීම නිසා මෛත්‍රී - බැසිල් තීරණාත්මක සාකච්චාවක්... එක්ව තරඟ කිරීමට ශ්‍රිලනිපය දැඩි උත්සාහයක..!


ඒකාබද්ධ විපක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සන්ධානගතව මැතිවරණයට තරග කිරීම ගැන තීරණාත්මක දුරකතන සාකච්ඡාවක් බැසිල් රාජපක්ෂ මහතා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර සිදුවූ බව දේශපාලන අංශ ආරංචි මාර්ග තහවුරු කරයි.
දිවයිනේ ප්‍රධාන පෙළේ සරසවියක මහාචාර්ය පදවියක් දරන ස්වාමීන් වහන්සේ නමකගේ මැදිහත් වීමෙන් මෙම සාකච්ඡාව පසුගියදා සිදුවිය. ඒකාබද්ධ විපක්ෂය සමඟ සාකච්ඡා කොට පොදු එකඟතාවක් ඇතිකරගැනීම සඳහා ජනපති සොහොයුරු ඩඩ්ලි සිරිසේන මහතා බැසිල් රාජපක්ෂ මහතා ඇමතීමට ගත් උත්සාහයත් ව්‍යර්ථ වීමෙන් පසු යට කී හිමිනමගේ මැදිහත්වීමෙන් ජනපතිවරයා සහ බැසිල් රාජපක්ෂ අතර සාකච්ඡාව සිදුවිය.
මෙහිදී දීර්ඝ සුහද කතාබහක් ඇතිවූ බව වාර්තා වෙයි. දෙපක්ෂය එකතු වී තරග කළ යුතු යැයි ජනපතිවරයා යෝජනා කළ විට ඒ ගැන පොදු තීන්දුවක් ගත යුත්තේ ඒකාබද්ධ විපක්ෂය යැයි බැසිල් රාජපක්ෂ මහතා පවසා ඇතැයි සඳහන්ය. ඒ සඳහා තමන්ට පෞද්ගලිකව කළ හැකි යමක් නැති බවත් තමන් ක්‍රියාකරන්නේ හිටපු ජනාධිපතිතුමා ප්‍රමුඛ පක්ෂය ගන්නා තීන්දුව මත බවත් බැසිල් රාජපක්ෂ වැඩිදුරටත් කියා තිබේ. තමන්ට ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීන් පෙළඹවීමේ හැකියාවක් නැතැයිද ඔහු පැවසූ බව කියැවේ. එසේ වුවත් පවත්නා සුහද කතාබහ ඉදිරියට ගෙනයාමට එකඟත්වය පළකර ඇතැයිද දැනගන්නට තිබේ.
කෙසේ හෝ ජනාධිපතිවරයා බැසිල් රාජපක්ෂ මහතා ඇමතීමට දින ගණනාවකට පෙර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ජනාධිපති සිරිසේන මහතා ඩඩ්ලි සිරිසේනගේ නිවසේදී මුණගැසුණි. ඊටපසු දෙදෙනා පසුගිය බ්‍රහස්පතින්දා කොළඹ ෂැංග්‍රිල්ලා හෝටලයේදී සිදුවූ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ පුත් දකුණු පළාත් සභා මන්ත්‍රී පසඳ යාපා අබේවර්ධනගේ විවාහයේ සාක්ෂිකරුවන් ලෙස අත්සන් කළෝය. ඒ අවස්ථාවේදීද මහින්ද මෛත්‍රී දෙදෙනා සුහද කතාබහක නිරතවූ බව දේශයට වාර්තා විය. ඉන් අනතුරුව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් සහ අතුරලියේ රතන හිමියන්ද වෙන වෙනම දෙපක්ෂයම සමගි කිරීම සඳහා සාකච්ඡා මාලාවක් පටන්ගෙන ඇත.
ඒ අතර පසුගිය බදාදා ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම තනිව පළාත් පාලන ඡන්දය තරග කළ යුතු යැයි තීන්දු කළේය. එහෙත් නාමයෝජනා භාරදීමට පෙර දෙපක්ෂය එක්ව තරග කිරීම ගැන තවත් සාකච්ඡා වටයක් පැවැත්වීමට ඉඩ ඇතැයි දේශපාලන අංශ ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි.
– deshaya

"පූජේමි බුද්ධං කුසුමේනනේන " - උපාසක උපාසිකාවෝ හූ කිය කිය හිනා වෙනකොට අප්පුඩි ගහ ගහ බුදු හිමිට මල් පූජා කරන ගාථාව අලුත් විදිහට කියන හැටි මෙන්න (VIDEO)



පිටදූවේ සිරිධම්ම නොහොත්  සිරි සමන්තබද්‍ර හිමි පසුගියදා  ධර්ම දේශනාවක් පැවැත්වූවා.

එහිදී උන්වහන්සේ බුදුහිමිට මල් පූජා කරන ගාථාව රහතන් වහන්සේලා විසින් ගායනා කරන ආකාරය දේශණා කල අතර පැමිණ සිටි පිරිස මහ හඩින් සිනා සෙමින් ඒ බණ රස වින්දා. 

එම අවස්ථාවේ වීඩියෝව ඔබට පහතින් නැරඹිය හැක.

මේ රට මට ණයයි - මම මේ රටට ණය නෑ.... පො#$% කතා කියලා මාව ගෙදරට ගෙන්න ගන්න එපා.... තොපිට මම හොදින් කියන්නේ....! හමුදා සේවයේ සිටියායැයි එල්ල වන චෝදනාවට අර්ජුන කමලනාත්ගෙන් සැර පිළිතුරක් (VIDEO/PHOTOS)



රාජපක්ෂ සමයේදී යුධ හමුදාවට ඇතුලු වී වරප්‍රසාද ලබාගත් බවට පසුගිය දා රංගන සහ ගායන ශිල්පීන් කිහිප දෙනෙකුට චෝදනා එල්ල විය. එම පිරිස අතරින් අර්ජුන කමලනාත් ප්‍රමුඛ ස්ථානයක් ගනු ලබන අතර ඔහු මේ පිළිබඳව සිය මතය වීඩියෝවක් හරාහා අන්තර්ජාලය වෙත නිකුත් කර තිබේ.


එම වීඩියෝව ඔබට පහතින් නැරඹිය හැක.




අර්ජුන කමලනාත්ගේ යුධ හමුදා නිලතල දැරීම සම්බන්ධයෙන් ෆේස්බුක් සමාජජාලය තුල  විවේචනාත්මකව අදහස් පළකල පුද්ගලයෙකුට ඔහු විසින් අසභ්‍ය ලෙස බැන වදිමින් පණිවිඩ එවා ඇති අයුරු දැක්වෙන ෆේස්බුක් සටහනක්ද අන්තර්ජාලය තුල සංසරණය වෙමින් තිබේ. 




පූටින් යලිත් රුසියාවේ ජනාධිපතිවරණයට ඉදිරිපත්වේ... 2024 තෙක් පාලනය කරන්න සූදානම්..!



රුසියානු ජනාධිපති ව්ලැද්මියර් පුටින් කියන්නේ ලෝකය පුරාම ජනප්‍රිය නායකයෙක්. එ්කට ප්‍රධානම හේතුවක් තමයි ඔහුගේ පෞර්ෂත්වය. වැඩිය උස මහත පුද්ගලයෙක් නොවුනත් ඔහුගේ පෞර්ෂත්වයට ඕනෑම කෙනෙක් අාකර්ශණය වෙනවා. එ් වගේම අැමරිකාව එක්ක ඔහු ගැටෙනා අාකාරයත් ගොඩක් අයගේ පැසසුමට ලක්වෙලා තියෙනවා. ලෝකය පුරා පුටින් උන්මාදයක් තියෙනවා කිව්වත් වරදක් නෑ.

2000 වසරේ ඉඳන් පුටින් රුසියාව පාලනය කරනවා. මීළඟ ජනාධිපතිවරණයටත් ඉදිරිපත් වෙනවා කියලා පුටින් ඊයේ නිවේදනය කරා.

 එ් රුසියාවේ මෝටර් රථ නිශ්පාදන සමාගමක සේවකයන් හමුවුණ වෙලාවක. “මේක නිල වශයෙන් නිවේදනය කරන්න මීට වඩා හොඳ තැනක්, මීට වඩා හොඳ හේතුවක් නෑ. ඔව්, මම රුසියානු ජනරජයේ මීළඟ ජනාධිපතිවරණයටත් ඉදිරිපත් වෙනවා.” කියලයි පුටින් කිව්වේ.
පුටින්ගේ මේ තීරණය ගැන රුසියානුවන් ඉන්නේ ගොඩක් සතුටින්. 

පුටින් නියෝජනය කරන යුනයිටඩ් රුසියා පක්ෂයේ සභාපති, රුසියානු අගමැති දිමිත්‍රි මෙද්වෙදේව් පවා පුටින්ට කොන්දේසි විරහිතව සහය දෙන්න කැමති වෙලා තියෙනවා. දේශපාලක විචාරකයින් කියන්නේ පුටින් ඉහළින්ම මෙවරත් දිනනවා කියලයි. එහෙම වුනොත් 2024 දක්වා රුසියාව පාලනය කරන්න පුටින්ට බලය ලැබෙනවා.

කොළඹ තරු පහේ සුපිරි හෝටලයකින් ටුක් ටුක් රියදුරන්ට නොමිලේ සුපිරි කෑමක්..!



කොළඹ සුපිරි තරු පහේ හෝටලයකින් ත්‍රිවිල් රියදුරන්ට සුපිරි දිවා ආහාරයක් ලබා දී තිබෙනවා. 

හෝටල් කළමණාකාරීත්වය සහ ත්‍රිවිල් රියදුරන් අතර සුහදතාව වර්ධනය කර ගැනීම මෙම සංග්‍රහයේ අරමුණ බවයි වාර්තා වන්නේ. 

පසුගිය කාලවකවානුවේදී අදාළ හෝටල් කළමණාකාරීත්වය සහ ත්‍රිවිල් රියදුරන් අතර විරසකයක් ඇතිවි තිබුණේ හෝටලයට පැමිණෙන විදේශිකයන් ඔවුන්ගේ කුලී රථ භාවිත නොකර ත්‍රි රෝද රථ භාවිතයට පෙළඹී සිටි නිසයි. 


නමුත් හෝටලය තුළ සිදුවන ඇතැම් සොරකම් අනාවරණය කර ගැනීමට මේ රියදුරන්ගෙන් ඉහළ සහයෝගයක් ලැබෙන නිසා මෙම සහයෝගය තවත් ලබා ගැනීමේ අරමුණින් මෙම සංග්‍රහය සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.